සවනකුර පිළිබඳ වැඩි විස්තර



"සවනකුර" මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්™(Android™) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත ජංගම දුර කතන සහ උපකරණ ඵලක අරමුණු කර නිර්මාණය කර ඇත.

මෙම මෘදුකාංගය හරහා මානව වර්‍ගයාගේ කථාවේ ශබ්දයට නිශ්චිතව අනුරූපීවන ඉංග්‍රිසි අකුරු අනුපිළිවෙලෙහි ශබ්ද විද්‍යාත්මක යතුරු සංකේත (key codes) හරහා සරලවූත් ප්‍රතිභාපූර්‍ණවූත් යෙදවුම් තුලින් සිංහල හසුන් ලිවීමට හැකියාව ලබා දෙයි. ඒ සඳහා අප කාටත් හුරු පුරුදු පරිගණක යතුරු පුවරුවක ආකෘතියක් උපකරණ තිරය මත ප්‍රදර්ශණය කිරීමෙන් ඒ ශබ්දිම සංකේත ලිවීමට උපකාර කෙරේ.

සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල ජංගම දුර කතන, ඵලක ආදී උපකරණ ඉලක්ක කරගෙන ය. එහි ක්‍රියාකාරිත්වයට අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ්™ අනුවාද අංක 4.0.3 (Android™ Version 4.0.3 (Icecream Sandwich)) හැසිරවුම් පද්ධතියක් අවශ්‍යය. වඩා නවතම අනුවාද සිංහල අකුරු නිර්‍මාණය කර තිරයෙහි දැක්වීම වඩා තාත්විකව කරති.

සිංහලෙන් හසුන් සැකසීමේදී හා ඒවා විද්‍යත් මාධ්‍ය මගින් යැවීමේදී, පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා ප්‍රාථමික අරමුණ විය.

භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකරණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය.

සවනකුර මෘදුකාංගයේ විශේෂ ලක්‍ෂණ කීපයක් නම්:
● මේ සඳහා උපකරණයේ ස්පර්ශ සංවේදී තිරය මත, දිස්වෙන 'මෘදු' පරිගණක යතුරු පුවරුවක ආකෘතියක් ආධාරයෙන් සිංහල හසුන් ලිවිය හැකි සේ සවනකුර නිර්‍මාණය කර තිබීම එහි විශේෂ ලක්‍ෂණයකි.
● එසේ ලියන හසුන් යැවීමට:
- කෙටි පණිවුඩ (SMS)
- විද්‍යත් පණිවුඩ (e-mail)
- "වට්ස්ඇප්" (WhatsApp)
මෘදුකාංග සමග සම්බන්ධීකරණ ලබා දෙයි.
● ඒ සමගම, ඔබ යවනා සියලු හසුන්වල පිටපත් උපකරණයේ ම ඉබේ තැන්පත් වේ. ඒවා ඔබට නැවත කියවීමට හෝ නැවත යැවීමට හෝ යොදා ගත හැකිය. එමෙන්ම, අනවශ්‍ය හසුන් හා කල් පැනපු හසුන් උපකරණයෙන් මකා දැමීමේ හැකියාව ද ඔබට ඇත.
● 'මෘදු' යතුරුවේ යතුරු සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් දැක්වීම ඔබට තෝරා ගත හැකිය.
● එමෙන්ම, මෘදුකාංගය යොදා ගන්නා සිරස්තල ද සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් දැක්වීම ඔබට තෝරා ගත හැකිය.
● ඔබ ලියනා හසුන ඕනෑම වෙලවකදී නවත්වා, පසුව එය ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී නැවැත්වූ තැන සිට නැවත ආරම්භ කල හැකියි.

සිංහල අක්‍ෂර නිපදවීම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රකාශිත 'THE SLS 1134: 2011 SINHALA CHARACTER CODE FOR INFORMATION INTERCHANGE' නම් ප්‍රමිතිය අනුව ම කෙරේ. එම "තොරතුරු හුවමාරුව සඳහා වූ සිංහල අක්‍ෂර කේතය (දෙවන ප්‍රතිශෝධනය)" නමැති ලේඛණය ප්‍රකාශ කර ඇත්තේ: තොරතුරු සහ සංනිවේදන තාක්‍ෂණික ආයතනය, 160/24, කිරිමණ්ඩල මාවත, කොළඹ 5, ශ්‍රී ලංකා" ආයතනයේ සහාය ඇතිව "ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, 17, ඇල්විටිගල මාවත, කොළඹ, ශ්‍රී ලංකා" විසිනි.

එම ලේඛණය මෙතනින් බා ගත හැක. එම ආයතනයේ වෙබ් ලිපිනය නම්: http://www.icta.lk

වඩා නූතන ඇන්ඩ්‍රොයිඩ්™ මෙහෙයුම් පද්ධති ස්ථාපිත කර ඇති උපකරණ, යුනිකේත සිංහල අක්‍ෂර නිවැරදිව නිෂ්පාදනය කරන නමුත්, සමහර උපකරණ තුලින් එවැනි පූර්‍ණ ප්‍රතිඵල ලබා ගැනීමට අපහසු බැව් පෙනී ගොස් තිබේ. විශේෂයෙන්ම, "අල්" ලකුණ, "පිලි" ලකුණු, යංසය, රේපය, රකරාන්සය, බැඳි අකුරු, කොම්බු ආදිය ඒ ගණයට අයත් ය. මෙයට එකම පිළියම, ඇන්ඩ්‍රොයිඩ්™ මෙහෙයුම් පද්ධතිය නවීකරණය කිරීමයි.

සවනකුර> මිලට ගැනීමට පෙර එය ඔබට අත්හදා බැලීමේ අවස්ථාවක් අපි ලබා දෙමු. ඒ සඳහා සවනකුර> මෘදුකාංගයේ විශේෂ ආකෘතියක් අප විසින් නිර්‍මාණය කර ඇත. එමගින්, සවනකුර> මෘදුකාංගයේ ඇති සියලුම් පහසුකම් මොනවාදැයි ඔබට අත්හදා බැලීමට පුලුවන. එම මෘදුකාංගයෙන් කල නොහැකි එකම දෙය නම්, ඔබ ලියන හසුන් විද්‍යුත් පණිවුඩ මාර්‍ගයෙන් යැවිය නොහැකි වීම පමණි. එම සවනකුර> අත්හදා බැලීමේ මෘදුකාංගය මෙතනින් බා ගන්න...

අමතර විස්තර සඳහා පහත දැක්වෙන පිටු ද කියවන්න:
සවනකුර අත්පොත මෙතනින්...
සවනකුර භාවිතයේදී බොහෝවිට නැගෙන පොදු ප්‍රශ්ණ සහ විසඳුම්: මෙතනින්...
සවනකුර මිලට ගැනීමේ විස්තර මෙතනින්...
සවනකුර ලියා පදිංචි කිරීමේ විස්තර මෙතනින්...
සවනකුර පාවිච්චි කිරීමේ කොන්දේසි මෙතනින්...
සවනකුර පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා අප ඉතා අගය කරමු. ඒවා විද්‍යත් මාර්‍ගයෙන් අපට එවන්න...

Android™ නිර්‍මාණය කර බෙදා හරින්නේ Google Inc. ආයතනය මගිනි.
සවනකුර™>(Savanakura) නෙදර්ලන්තයේ පිහිටුවා ඇති "PhonoText" සමාගමේ නිර්‍මාණයකි.