සවනකුර නිර්‍මාණය කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් (Android) හැසිරවුම් පද්ධතිය ස්ථාපිත කල ජංගම
දුර කථන ආදී උපකරණ ඉලක්ක කරගෙන ය.
අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ්™ අංක 4.0.3 සංස්කරණය (Android™ Version 4.0.3 (Icecream Sandwich))
හැසිරවුම් පද්ධතිය අවශ්‍යය. වඩා නවතම සංස්කරණ සිංහල අකුරු නිර්‍මාණය කර තිරයෙහි දැක්වීම වඩා තාත්විකව කරති.

සිංහලෙන් හසුන් සැකසීමේදී හා ඒවා විද්‍යුත් මාධ්‍ය මගින් යැවීමේදී, පාරිභෝගිකයාහට මේ මෘදුකාංගය තුලින්උපරිම පහසුව සැපයීම මෙම නිපදවීමෙහිලා මූලික අරමුණ විය.
මේ සඳහා උපකරණයේ ස්පර්ශ සංවේදී තිරය මත, දිස්වෙන පරිගණක යතුරු පුවරුවක ආකෘතියක් ආධාරයෙන් සිංහල හසුන් ලිවිය හැකි සේ
සවනකුර නිර්‍මාණය කර තිබීම එහි
විශේෂ ලක්‍ෂණයකි.
එමෙන්ම, භාවිතයේදී නැගෙන ගැටලු ආදිය නිරාකණය ගැනීමට ආධාරවිය හැකි ඉතා විස්තරාත්මක අත්වැල් පහසුකම් මේ මෘදුකාංගය තුල අන්තර්ගත කිරීම ද තවත් අරමුණක් විය.
[තවදුරටත් කියවන්න...]